කැරට් කේක්



කැරට් කේක් හදමු

Video :-  

අපි අද හදන්න යන්නෙ කැරට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කැරට් අලයක් (හොදින් ගාන ලද/ කුඩාවට කපාගත්)
  • බිත්තර 2ක්
  • සීනි (කෝප්ප 1/2 ක්)
  • පොල්තෙල් (කෝප්ප 1/2 ක්)
  • පාන් පිටි (කෝප්ප 1ක්)
  • බේකින් පව්ඩර් (තේ හැදි 1ක්)
  • බේකින් සෝඩා (තේ හැදි 1/2 ක්)
  • වැනිලා (තේ හැදි 1ක්)
  • ගාන ලද කැරට් (ඉස්සරහට දැමීමට)
  • වට්ටක්ක ඇට (ඉස්සරහට දැමීමට)

ක්‍රමය ( පිළිවෙලින් ) :-

  1. කැරට් අලය හොදින් ගාගෙන(පොඩිවට කපාගෙන) පසෙකින් තබන්න.
  2. බිත්තර සහ සීනි සැහැල්ලුවෙන් පෙණ එනතුරු බීට් කරන්න.
  3. තෙල් එකතු කර තත්පර 30ක් කලවම් කරන්න.
  4. පිටි, බේකිං කුඩු, බේකිං සෝඩා එකට හලා හොඳින් මිශ්‍ර කරන්න.
  5. වැනිලා සහ ගාන ලද කැරට් එකතු කර කලවම් කරන්න.
  6. අඟල් 8 පෑන් එකක් තෙල් ආලේප කර එයට බැටර් එක වත් කරන්න.
  7. ගාන ලද කැරට් වලින් ආවරණය කර වට්ටක්කා ඇට ඉසිය යුතු ය.
  8. පෑන් එක මධ්‍යම ගින්දරේ විනාඩි 5ක් රත් කරගන්න.
  9. 170°C ට පෙර රත් කළ උඳුනක විනාඩි 30-40ක් පුළුස්සන්න.
  10. ඉවර වුනාට පස්සේ, ඒක සිසිල් වෙන්න දෙන්න.

වැඩේ ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නෙ


Comments