බිත්තර රෝල්ස් ගෙදරදීම
Video :-
අපි අද හදන්න යන්නෙ බිත්තර රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- බිත්තර 2ක්
- ලුනු (තේ හැදි 1/3)
- ගම්මිරිස් කුඩු ( තේ හැදි 1/3 )
- අමු මිරිස් ( කරල් 2ක් )
- පාස්ලි කොල ( මේස හැන්දක් )
- කපාගත් ලූණු (ගෙඩියෙන් 1/2 පමණ)
- මයෝනීස් ( මේස හැදි 2ක් )
- පෙතිපාන්
- බිත්තර මිශ්‍රණයක් ( බිත්තර 3ක් )
- කුඩුකරගත් පාන්
ක්‍රමය ( පිළිවෙලින් ) :-
- මුලින්ම බිත්තර 2 අරන් හොදින් කුඩු කර ගන්න
- ලුනු හා ගම්මිරිස් එකතු කරන්න
- කපාගත් අමුමිරිස් එක් කරන්න
- ඉන්පසු පාස්ලි කොල ටිකත් එකතු කරගන්න
- කපාගත් ලූණු එක් කරන්න
- මයෝනීස් එකතු කරන්න
- දැන් හොදින් මේ ටික කලවම් කරගන්න. මිශ්‍රණේ වැඩ ටික ඉවරයි.
- දැන් පාන් පෙත්තක් ගන්න
- පාන්පෙත්ත හොදට තූනී කරගන්න
- පාන් වාටි ඔක්කොම අයින් කරගන්න
- දැන් අර කලින් හොදට අනාගත්ත මිශ්‍රණය පොඩ්ඩක් අරන් පාන් පෙත්ත මැදින් තියන්න
- පාන් පෙති අග වතුරෙන් පොඩ්ඩක් තෙතමාත්තු කරලා ඔතාගන්න
- ඔතාගත් පාන් පෙත්ත අමු බිත්තර මිශ්‍රණයේ ගිල්වා හොදින් ගාගන්න
- කුඩුකරගත් පාන් සමග තවරා ගන්න
- දැන් රන්වන් පාට වන තෙක් තෙලේ බැදගන්න.
.png)
Comments
Post a Comment