එළවලු වඩේ



එළවලු වඩේ හදමු

Video :-  

අපි අද හදන්න යන්නෙ එළවලු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • ගෝවා (ගෙඩියකින් 1/2 පමණ)
  • අල ගෙඩියක්
  • කැරට් ගෙඩියක්
  • බීට් රූට්
  • ලූණු කොල
  • ලූණු
  • අමු මිරිස් (කරල් 2ක්)
  • කරපිංචා
  • ලුනු කුඩු (ත් හැදි 1/2)
  • ඉගුරු ( තේ හැදි 1 )
  • සුදු ලූණු
  • කොත්තමල්ලි ( තේ හැදි 1/2 )
  • සූදුරු ( තේ හැදි 1/2 )
  • පාන් පිටි ( කෝප්පෙකින් 1/4 ක් පමණ)
  • හාල් පිටි ( කෝප්පෙකින් 1/4 ක් පමණ)

ක්‍රමය ( පිළිවෙලින් ) :-

  1. කපාගත් ගෝවා, අල, කැරට්, බීට්, ලූණු කොල, ලූණු, අමු මිරිස්, කරපිංචා එකතු කර හොදින් මිශ්‍ර කරගන්න
  2. දැන් ලුනු කුඩු, ඉගුරු, සුදු ලූණු, කොත්තමල්ලි, සූදුරු, පාන්පිටි, හාල්පිටි සියල්ලම එකතු කර නැවත වරක් හොදින් මිශ්‍රකර ගන්න.
  3. තලපයක් සේ එනතෙක් හොදින් මිශ්‍රකර ගන්න
  4. ඉන්පසු එම මිශ්‍රණය කුඩා කැබලි වලට කඩා තෙලේ බැදගන්න

වැඩේ ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නෙ


Comments